|
සුද්ද රිවි කුල ඉපිද බෝසත් කුමර සිදුහත් මංගලම් ලුද්ද වඩවා මාර දෙවිඳුන් පරාජය කළ මංගලම් සිද්ද මේ සිරිලකට වැඩ දම් දෙසු දින සුබ මංගලම් බුද්ද රත්නෙ අනුහසින් මේ යුවතිපති හට මංගලම්
පෝරුවේ චාරිත්‍ර හා බැදුණු පැරණි මත
මංගල පෝරුව චාරිත්‍ර සඳහා අවශ්‍ය දව්‍ය1. සුදු රෙදි යාර 2 2. සුදු හාල් කැලෝ 1 3. ලදපස් මල් පැකට් 1 4. පඬුරැ 21 5. බුලත් අත්7 6. පිරිත් නූල් කැබැල්ලක් 7. කෙන්ඩියක් හො සංඛයක් 8. පැන් වැඩිමට භාජනයක් 9. පොල් මල් 4 10.පොල් ගෙඩියක් 11.මැටි පහන් 4 12.පහන් තිර පැකට් 1 13.පොල් තෙල් බෝතල් 1/2 14.කැත්තක් මනාලයා විසින් ගෙන ආ යුතු කළමනා1. හඟල හුරැලු සඳහා බුලත් 2. කච්චි හේලය (මනාලියගෙ මෑණියන්ට පිදිමට) 3. මංගල මුදු 4. තැල්ල 5. පිළි (දෙවැනි ගමන සඳහා ) පුරාණයේ නම් කිරිබත්,කැවුම්,කෙසෙල්,තැඹිලි ආදිය පෝරුව මත තැන්පත් කරන ලද බව සඳහන් වන අතර වත්කමේ හැටියට රන්,රිදි,මුතු,මැණික්,පස්ලො කාසි ඒ මත ඇතිරැ බවටද කියැවේ.
සතර වරම් දෙවියන් උදෙසා පහන් දැල්වීමපෝරුව සිව් කොනෙහි ධෘතරාෂ්ට, විරෑඬ,විරෑපාක්ෂ, වෛශ්‍රවණ යන සතර වරම් දිව්‍යරාජෝත්තමයන් වහන්සේලා උදෙසා පුන් කලස් මත පහන් දැල්වීම. ත්‍රිවිධ රත්න නමස්කාරයත්රිවිධ රත්න නමස්කාරයෙන් සහ සර්වදේව අවසරයෙන් පසුව හෙළ සංස්කෘතික පෞඨත්වය විදහාපාමින් මංගල බෙරසක් හඬ මැද දකුණු පාදය පෙරට තබා නව ජයම්පතින් පෝරු මස්තකාරෑඩ කරනු ලැබේ. දළු මුර පිදීමබුලත් හුරැල්ලක් මත පඬුරක් තබා යුවළගෙ අතට දී ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් දිව්‍යරාජෝත්තමයන් වහන්සේලාගේ ආශිර්වාදයත් ලබා ගනි. බුලත් කොළ 40කින් සමන්විත වේ. භූම දිව්‍යරාජෝත්තමයන්ගෙන් අවසර ලබා ගැනීමබුලත් හුරැල්ලක් යුවළගෙ අතටදී දිව්‍ය රාජෝත්තමයන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමේ ස්ත්‍රෝත ගායනා කිරීමත් සමඟ බුලත් හුරැල්ල පෝරුව මත පතිත කළ යුතුය. මංගල මුදු පැළඳවීමතැල්ල හා පිළි ඇන්දවීමඅත් කවුතුක බැඳීමයුවළගෙ දකුණු අතේ දෙසුළැඟිලි පිරිත් නූල් කැබැල්ලකින් බන්ධන කරනු ලැබේ. පැන් වැඩිමපිරිත් නූල් කැබැල්ලකින් බන්ධන කරනු ලැබු යුවළගෙ දකුණු අතේ දෙසුළැඟිලි පියාණන් අතින් පැන් වැඩිම සිදු කරයි. තමන්ට අයිති වස්තුවක්අන් අයෙකුට පවරා දීමේදී මෙසේ පැන් වඩා භාර දුන් බව ඉතිහාසය සාක්ෂි දරයි. බාලිකාවන් විසින් ජය මංගල ගී ගායනයහඟල හුරැළු පිදීමහත්මුතු පරම්පරාවක් සිහිපත් කිරීම උදෙසා බුලත් හුරැළු 7ක් පෝරුව මත පතිත කිරීම කරනු ලැබේ. බුලත් හුරැළු ගෙන නව ජයම්පතින්ට සුභ පැතීමකිරිකඩ හේලය පිදීමමේ කිරිකඩ හේලය හෙවත් කච්චි හේලය හෙවත් කච්චි කිරිකඩ මනාලියගෙ මෑණියන්ට පෝරුවේදි පිදිම ඉතා ගෞරවනීය ලෙස ඉටු කළ චාරිත්‍රයකි. සිය මනාලියට මනාලියගෙ මෑණියන් පෙවූ කිරි වල පව් අරවා ගන්නට මනාලයා විසින් කිරිකඩ හේලය පිදු බව කියැවේ. මෙයට ඇතැම් පළාත්වල කිරිකඩ කච්චිය හෝ ගෙටදෙන සේළය යැයිද කියති. ඇතැම් පළාතක කච්චි කිරිකඩක් සමග ගිරයක් හා හුණු කිල්ලෝටයක් ද වේ. දෑවැද්දමනාලියගේ පියා විසින් මනාලයාට තෑගි දෙන ක්‍රමයක්ද තිබේ. කැත්තක්, උදැල්ලක්, හරක් බානක් හෝ දෙකක්, තුවක්කුවක් සහ රිදී හවඩියක් ද මේ තෑගි අතරට අයත්ය. පෝරුවෙන් බැස්සවීම
මේ අඩවිත් බලන්නඅඩවියෙන් බැහැර පිටුමූලාශ්රසිරිකත පුවත් පත 2006 ජනවාරි 12 පින්තූරඑකතුව
Questions for article: පිරිත් |
This article is from Wikipedia. All text is available under the terms of the GNU Free Documentation License.
IHS Europe: Infrared Heating Systems for Home and Business.